Posts

Showing posts from October, 2026

පවුමක රන් මිල දහස් ගණනකින් පහළට අද මිල ගණන් මෙන්න

Image
ශ්‍රී ලංකාවේ රන් මිල පිළිබඳව අවධානයෙන් සිටින පාරිභෝගිකයන්ට අදත් වැදගත් තොරතුරක්. රන් ආභරණ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් අතර දෛනික රන් මිල පිළිබඳව වැඩි උනන්දුවක් පවතිනවා. කියවන්න පසුගිය දිනවල රන් මිලෙහි සිදුවූ වෙනස්කම් හේතුවෙන් රන් පවුමක් මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය වේද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. විශේෂයෙන්ම මංගල උත්සව සඳහා රන් ආභරණ මිලදී ගැනීමට සූදානම් වන අයට මෙම මිල වෙනස්කම් වැදගත් වෙනවා අද ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් කැරට් 24 රන් ග්‍රෑම් 1ක් – රු. 44,030ක් පමණ ග්‍රෑම් 8ක් – රු. 352,240ක් පමණ කැරට් 22 රන් ග්‍රෑම් 1ක් – රු. 40,331ක් පමණ ග්‍රෑම් 8ක් (පවුමක්) – රු. 322,650ක් පමණ කැරට් 21 රන් ග්‍රෑම් 1ක් – රු. 38,526ක් පමණ ග්‍රෑම් 8ක් – රු. 308,210ක් පමණ මෙම අගයන් දර්ශකයක සඳහන් ඇස්තමේන්තුගත මිල ගණන් වන අතර, සැබෑ මිලදී ගැනීමේ මිල වෙළෙඳසැල අනුව වෙනස් විය හැකියි. රන් මිල පහළ යාමට හේතුව කුමක්ද? ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල, ඇමරිකානු ඩොලරයේ අගය, පොලී අනුපාත සහ ගෝලීය ආර්ථික තත්ත්වය වැනි කරුණු ශ්...

දෙවියන් දකින්න වසර 12ක් තිස්සේ එක දිගට හිටගෙන ඉන්න අමුතුම මිනිසා! විශ්වවිද්‍යාල ගමනත් අතහැර ගත් පුදුම හිතෙන තීරණය මෙන්න...

Image
ලෝකයේ විවිධ ආගමික විශ්වාසයන් සහ භක්තිය වෙනුවෙන් මිනිසුන් සිදුකරන ඇතැම් කැපකිරීම් අදහාගැනීමට පවා අපහසුයි. එලෙස තම ආගමික විශ්වාසය වෙනුවෙන් වසර 12ක් පුරා එක දිගට සිටගෙන සිටින ඉන්දීය පුද්ගලයෙකු පිළිබඳ පුවතක් සහ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. කියවන්න "දුලාල් ගිරි ජී මහරාජ්" (Dulal Giri Ji Maharaj) නමින් හැඳින්වෙන මෙම පුද්ගලයා, තම විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා අතරමග නතර කර දමා පූර්ණ කාලීනව ආගමික ජීවිතයකට යොමු වී ඇත්තේ එක් සුවිශේෂී ප්‍රතිඥාවක් සමඟයි. ඒ, තම ජීවිත කාලය පුරාවටම වාඩි නොවී සිටගෙන සිටීමයි . ඔහුගේ දැඩි විශ්වාසය වී ඇත්තේ මෙලෙස දුෂ්කර ව්‍රතයක් ආරක්ෂා කිරීම හරහා දිනක තමන්ට හින්දු දෙවියෙකු වන 'මහාදේව්' (ශිව දෙවියන්) සියැසින් දැකගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි. විදෙස් වාර්තාවල දැක්වෙන පරිදි, මේ වන විට ගෙවී ගිය වසර 12ක කාලය තුළ ඔහු කිසිදු අවස්ථාවක බිම වාඩි වී හෝ බිම වැතිර නිදාගෙන නොමැති බව පැවසෙනවා. ඔහු රාත්‍රී කාලයේ නිදාගැනීම සිදු කරන්නේද ආධාරකයකට බර දී සිටගෙන සිටින ඉරියව්වෙන්ම වීම විශේෂත්වයක්. ...

"මට කෙට්ටු වෙන්න ඕනේ නෑ, මම ඉන්නේ හරිම සතුටින්" විවාහයට සුබ පතන ගමන් කෙට්ටු වෙන්න උපදෙස් දීපු අයට, කළණ ගුණසේකරගේ බිරිඳ බුකියේ ලියූ සැර සටහන!

Image
ලාංකේය ටෙලිනාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ සිටින අතිදක්ෂ මෙන්ම පෙරළිකාර රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර පසුගියදා යුග දිවියට පිවිසි පුවත සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වුණා. කියවන්න ඔහුගේ අත ගත්තේ රුචිනි නම් ආදරණීය තරුණියයි. ඔවුන්ගේ මෙම සුන්දර විවාහ මංගල්‍යය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ පිරිස් මෙන්ම රසික රසිකාවියන් විශාල පිරිසක් ඉතාමත් ආදරයෙන් සුබ පැතුම් එක් කර තිබුණා. කෙසේ වෙතත්, එලෙස සුබ පැතුම් එක් කරන අතරතුර ඇතැම් පිරිස් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ලබා දෙමින් රුචිනිට ඇයගේ ශරීරයේ බර අඩු කරගන්නා ආකාරය සහ කෙට්ටු වීමේ ක්‍රම පිළිබඳව විවිධ උපදෙස් ලබා දීමට පටන්ගෙන තිබෙනවා. හොඳ චේතනාවෙන් වුවද තම ශරීරයේ ප්‍රමාණය පිළිබඳව අනවශ්‍ය ලෙස උපදෙස් දෙන්නට පැමිණි එම පිරිසට පිළිතුරු දෙමින් කළණගේ ආදරණීය බිරිඳ රුචිනි සිය ෆේස්බුක් ගිණුමේ ඉතාමත් අපූරු මෙන්ම කාගේත් ඇස් අරවන සටහනක් තබා තිබුණා. ශල්‍යකර්ම සහ එන්නත් වැනි අස්වාභාවික කෙටි ක්‍රම මගින් කෙට්ටු වීමේ අතුරු ආබාධ ගැන තමන් හොඳින්ම දැනුවත් බවත්, තමන්ට මේ මොහොතේ කෙට්ටු වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඇය එහිදී අවධාරණය කර ත...

කලා ලෝකයම හඬවමින් ප්‍රවීණ රංගන ශිල්පීයකු ජීවන ගමනට සමුදෙයි!

Image
කියවන්න ලාංකේය ටෙලිනාට්‍ය, සිනමා සහ වේදිකා ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (22) දිවි රඟමඬලෙන් සමුගන්නා විට 73 වැනි වියේ පසුවුණා. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක හදවත් ආමන්ත්‍රණය කළ ඔහු, පසුගිය කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නිර්මාණ රැසකින්ම ඔහු සිය ප්‍රතිභාපූර්ණ රංගන කුසලතාව මැනවින් විදහා දැක්වූවා. සම්පූර්ණ විස්තරය ඔහුගේ පෞද්ගලික ජීවිතය ද බොහෝ දෙනාගේ ආදරය දිනාගත් එකක්. මෙරට ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මියගේ ආදරණීය සැමියා වූයේ ද රහල් බුලත්සිංහල මහතායි. කලා ලෝකයේ බොහෝ දෙනෙකුට ආදර්ශයක් වෙමින් ගෙවූ ඔවුන් දෙදෙනාගේ සොඳුරු කැදැල්ල පිළිබඳව ප්‍රේක්ෂකයින් නිතරම කතාබහ කළේ ඉතාමත් ආදරයෙන්. සැබෑ ජීවිතයේදී ඉතාමත් නිහතමානී සහ සොඳුරු මිනිසෙකු වූ ඔහුගේ මේ හදිසි නික්ම යාම කලා ක්ෂේත්‍රයට මෙන්ම ඔහුට ආදරය කළ හසුවහසක් රසික ජනතාවට ද දරාගත නොහැකි පාඩුවක්. ...

ගෙදර සල්ලි රැඳෙන්න ආච්චිලා-අම්මලා කරපු ඒ රහස් වැඩේ ඔයත් තාම දන්නේ නැද්ද? අපේ පැරැන්නන් පාවිච්චි කළ රහස් පිළිවෙත් 7 ක් මෙන්න

Image
අපේ පැරැන්නන් ගෙදර සෞභාග්‍යය, වාසනාව සහ ධනය නිතරම රැඳී පවතින්න විවිධ පාරම්පරික විශ්වාස සහ කෙම් ක්‍රම අනුගමනය කළා. අද කාලයේ බොහෝ දෙනෙක් මුදල් පසුපස හඹා ගියත්, ගෙදර අතමිට හිඟ වෙන්න මේ පුංචි පුරුදු අමතක වීමත් හේතුවක් වෙන්න පුළුවන්... එහෙනම් බලන්නකෝ අපේ පැරැන්නන් අනුගමනය කළ ඒ සරල සහ සාර්ථක ක්‍රම මොනවාද කියලා... කියවන්න බතට ගරු කිරීම... බත් ඇටයක්වත් අපතේ යවන්නේ නැතිව, ආහාරයට ගෞරවයෙන් සැලකීම අපේ පැරැන්නන් ගෙදර සෞභාග්‍යය සහ බත් බුලත් වැඩිදියුණු කරගැනීමේ ප්‍රධානම පුරුද්දක් ලෙස සැලකුවා. සවස ගෙදර පහන දැල්වීම... සවසට නිවස පිරිසිදු කර පහනක් දැල්වීමෙන් නිවසට යහපත් වාතාවරණයක් සහ ධනාත්මක ශක්තියක් ගෙන දෙන බව පැරැන්නන් තදින් විශ්වාස කළා. දොරකඩ පිරිසිදුව තබාගැනීම.. ගෙදර ප්‍රධාන දොරටුව අපිරිසිදුව හෝ අවුල් සහගතව තබා නොගෙන නිතරම පිරිසිදුව තබාගැනීම වාසනාව ළඟා කරගැනීමට හොඳ මඟක් ලෙස සැලකුණා. මුදල් තැන්පත් කරන තැන පිළිවෙළට තබාගැනීම.. මුදල් පසුම්බිය හෝ මුදල් තබන ස්ථානය බිම දමා හෝ අවුල් කර තබන්නේ නැතිව, ගෞරවයෙන් හා පිළිවෙළට තබාගැනීම ධනය ආකර්ෂණය කරගැන...

සුදු ඇඳුම් අල්මාරියේ තිබ්බත් කහ පාට ගැහෙන්නේ මේ හේතුව නිසා.විනාඩි 10න් කහ ගතිය නැති කරන රහස

Image
සුදු ඇදුම් කියන්නේ අපේ ඇඳුම් කබඩ් එකේ තියෙන වඩාත්ම සුන්දර එහෙත් නඩත්තු කරන්න අමාරු ඇඳුම් වර්ගයයි. බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි සුදු ඇඳුම් කාලයක් යන විට කහ පැහැයට හැරීම. වඩාත්ම පුදුමයට හිතෙන දේ තමයි අඳින්නේ නැතිව අල්මාරිය ඇතුලේ පරිස්සමට තියලා තිබ්බත් මේ දේ සිදුවීමයි. කියවන්න සුදු ඇඳුම් කහ ගැහෙන්න ප්‍රධාන හේතු ​ඇඳුම් ඇඳීමේදී මෙන්ම අල්මාරියේ තබා තිබීමේදී මේ සඳහා බලපාන හේතු කීපයක් තිබෙනවා. ​ශරීරයේ දාඩිය රෙදිවල තැන්පත් වීම: අපේ සිරුරෙන් පිටවන දාඩිය, තෙල් සහ සබන් හෝ ඩියුඩ්‍රන්ට්ස් හි ඇති කොටස් රෙදි තන්තු අතර පවතිනවා. ඇඳුම් සේදූ පසුත් මේවා සම්පූර්ණයෙන්ම ඉවත් නොවුණොත් කාලයත් සමග ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර කහ පැහැති ලප ඇති කරනවා. ​රෙදි සෝදන සබන් කුඩු හරියට ඉවත් නොවීම: ඇඳුම් සෝදන විට සබන් හෝ රෙදි සෝදන කුඩු හොඳින් සෝදා හැරියේ නැත්නම් ඒවා රෙදි අතර වියළී කාලයක් සමග කහ පැහැයට හැරෙනවා ​අල්මාරිය ඇතුලේ වාතය: අල්මාරියක් ඇතුලේ සංවෘත පරිසරයක් පවතිනවා. එහි ඇති තෙතමනය සහ වාතය සංසරණය නොවීම නිසා රෙදි තන්තු වල රසායනික වෙනස්කම් සිද්ධ වෙනවා. ​අල්මාරියේ ...

වසර ගණනාවක් තිස්සේ අලින්ට පාර මාරු වෙන්න උදව් කරන කුමාර මහතා

Image
අපේ රටේ මිනිස්-අලි ගැටුම ගැන දිනපතාම අහන්න ලැබෙන්නේ කණගාටුදායක ආරංචි. හැබැයි ඒ අස්සේ, කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව, තමන්ගේම කාලය සහ ශ්‍රමය කැප කරලා වනඅලින්ගේත්, මිනිසුන්ගේත් ජීවිත බේරගන්න නිහඬ සේවයක් කරන අභීත මිනිස්සුත් අපේ ගම්වල ඉන්නවා. කියවන්න ගැටදිවුල ප්‍රදේශයේ කඩයක් කරගෙන යන ගමන්, වසර ගණනාවක් තිස්සේ අලින්ට පාර මාරු වෙන්න උදව් කරන කුමාර මහතා ඔහුගේ අත්දැකීම් ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්... "දැන් අවුරුදු 8-10ක ඉඳන් මං මේ වැඩේ කරනවා. කඩේ කරන ගමන්ම තමා මේ... පින් තකා තමා මේ වැඩේ කරන්නේ. පඩියකුත් නෑ, පඩි බලාපොරොත්තු වෙන්නෙත් නෑ ඉතින්." "කුඹුරු කරන කාලෙට අලි පයින්නේ නෑ. නැති කාලෙට අනිවාර්යයෙන්ම පනිනවා. සමහර දවස්වලට අලි 250ක්, 300ක් පයින දවසුත් තියෙනවා. හැමදාම මං ඉතින් අලි පනින ටයිම් එක එනකොට එතෙන්ට යනවා. අලි පැන්නත් නැතත් මං එතෙන්ට අනිවාර්යයෙන්ම යනවා ඉතින්." "මේ වැඩේදී හොඳ මනුස්සයොත් ඉන්නවා, කියන දේ අහලා පැත්තකට වෙන මනුස්සයොත් ඉන්නවා. හැබැයි සමහර මනුස්සයෝ ගිහිල්ලා උන්ව වටකරගන්නවා. එතකොට උන් පාර පනින්න බය වෙනවා, පනින එක අ...

තේ එකක් බොනකොට මේ ගැන හිතුවද? අධික උණුසුම් පානවලින් අවදානමක් ? අනතුරු ඇඟවීම මෙන්න..

Image
උදේ නැගිට්ට ගමන් උණු උණු තේ කෝප්පයක් බොන්න, නැත්නම් වැඩ අතරතුර කෝපි කෝප්පයක රස බලන්න අපේ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඔබ පානය කරන තේ එක හෝ කෝපි එක කට පිච්චෙන තරම් උණුසුම් නම්, ඒ ගැන මොහොතක් සිතා බැලීම වැදගත් වෙන්න පුළුවන්! කියවන්න විද්‍යාත්මක පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ අධික උෂ්ණත්වයෙන් යුත් පාන නිතර පානය කිරීම ආහාර නාලයේ පිළිකා ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ විය හැකි බවයි. සෙල්සියස් අංශක 65ට වැඩි නම් අවදානමක්ද? ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය (IARC) විසින් සෙල්සියස් අංශක 65ට වඩා උණුසුම් පාන වර්ග මිනිසුන්ට පිළිකා ඇති කිරීමට බොහෝ දුරට ඉඩ ඇති කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා. මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ ආහාර නාලයේ පිළිකා (Oesophageal cancer) ඇතිවීමේ අවදානම පිළිබඳවයි. එයට හේතුව ලෙස සැලකෙන්නේ අධික උෂ්ණත්වයෙන් යුත් පාන නිතර පානය කිරීමෙන් ආහාර නාලයේ අභ්‍යන්තර පටකවලට නැවත නැවත හානි සිදුවිය හැකි වීමයි. කාලයත් සමඟ එවැනි හානි පිළිකා අවදානම සමඟ සම්බන්ධ විය හැකි බව පර්යේෂණ පෙන්වා දෙනවා. එහෙනම් තේ සහ කෝපි බොන එක නතර ක...

"වඩාත් ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා..." හෙට උදේ ඉඳන් පැය 42කට වතුර කපන ප්‍රදේශ රැසක ලැයිස්තුව මෙන්න!

Image
කියවන්න මැදවෙල, ගලගෙදර, මාවතගම ඇතුළු ප්‍රදේශ රැසක ජීවත් වෙන ජනතාවට මෙන්න අතිශය වැදගත් සහ හදිසි පණිවිඩයක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිකුත් කර තිබෙනවා. ඒ තමයි හෙට උදෑසන සිට එක දිගට පැය 42ක් පුරාවට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බවට කෙරෙන දැනුම්දීමයි. හාරිස්පත්තුව පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ වඩාත් ගුණාත්මක ජල සේවාවක් ලබාදීම වෙනුවෙන් සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මේ ආකාරයට ජල සැපයුම විසන්ධි කෙරෙන්නේ. කවදා සිට කවදා දක්වාද? ආරම්භය: හෙට (ඔක්තෝබර් 21) බදාදා පෙ.ව. 09.00 සිට අවසන් වීම: 2026 ඔක්තෝබර් 23 වැනි සිකුරාදා ප.ව. 03.00 දක්වා (පැය 42ක කාලයක්) ජල සැපයුම විසන්ධි වන සම්පූර්ණ ප්‍රදේශ ලැයිස්තුව මෙන්න. සම්පූර්ණ විස්තරය මැදවෙල (පැරණි) සේවා ජලාශය බලප්‍රදේශ: කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කෝටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට...

පවුම් දෙක තුනක් ගන්න හිතෙන තරමට රන් මිල පහළට – අද රන් මිල ගණන් මෙන්න

Image
ශ්‍රී ලංකාවේ රන් මිල පිළිබඳව අදත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවලදී ඉහළ පහළ ගිය රන් මිල, අද දිනයේදීත් වෙනස් වීමක් පෙන්නුම් කරනවා. කියවන්න රන් ආභරණයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය මෙන්ම රන් ආයෝජනයක් ලෙස තබා ගැනීමට කැමති පිරිස්ද මේ දිනවල දෛනික රන් මිල පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. අද රන් මිල ගණන් කැරට් 24 රන් ග්‍රෑම් 1ක් – රු. 46,390 – 46,400 පමණ ග්‍රෑම් 8ක් / පවුම් 1ක් – රු. 371,100 – 371,200 පමණ කැරට් 22 රන් ග්‍රෑම් 1ක් – රු. 42,530 – 42,540 පමණ ග්‍රෑම් 8ක් / පවුම් 1ක් – රු. 340,200 – 340,320 පමණ කැරට් 21 රන් ග්‍රෑම් 1ක් – රු. 40,600 පමණ ග්‍රෑම් 8ක් / පවුම් 1ක් – රු. 324,750 පමණ මෙම අගයන් විවිධ වෙළෙඳපොළ මූලාශ්‍රවල අද වාර්තා වූ මිල ගණන් මත පදනම් වන අතර, ස්වර්ණාභරණ අලෙවිසැල අනුව සැබෑ මිල වෙනස් විය හැකියි. සම්පූර්ණ විස්තරය පවුම් දෙකක් ගත්තොත් කොපමණද? 22 කැරට් රන් පවුමක් රු. 340,200ක් පමණ ලෙස ගත් විට, පවුම් 2ක් – රු. 680,4...

"මගේ ලස්සන කටහඬ විනාශ වුණා" ලොවක් වසඟ කළ සෙලීනා ගෝමස් කළ හෙළිදරව්ව මෙන්න!

Image
ලොව පුරා කෝටි සංඛ්‍යාත රසික හදවත් වශී කළ සුප්‍රකට ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක වන 34 හැවිරිදි සෙලීනා ගෝමස්, පසුගියදා තමන් කළ මෝඩ වැඩක් නිසා සිදුවූ බරපතළ අනතුරක් ගැන සමාජ මාධ්‍ය හරහා විවෘතව හෙළි කරමින් මුළු ලෝකයම කැලඹීමට පත් කළා. කියවන්න තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඇය පවසන්නේ, නිකොටින් සහිත 'වේප්' භාවිතය නිසා තමන්ගේ මුල් කටහඬ සදහටම වෙනස් වී ගිය බවයි. "මට මගේ පරණ කටහඬ ආපහු ගන්න බැරි වෙයි. මම අධික ලෙස නිකොටින් වේප් පාවිච්චි කළා. නිකොටින් පුරුද්ද අත්හරින එක හරිම අමාරුයි. කාටහරි වේප් පාවිච්චි කරන්න හිතෙනවා නම් කියන්න තියෙන්නේ, ඒක කරන්නම එපා කියලයි. ඒකෙන් කිසිම වැඩක් නෑ. මම කරපු ඒ මෝඩ වැඩෙන් මගේ කටහඬ මුළුමනින්ම වෙනස් වුණා. දැන් ඔයාලා මගේ කටහඬ අහන්න අකමැති නම් මට ඒක තේරෙනවා. කමක් නෑ, මගේ කටහඬ නොඅහා ඉන්න." යනුවෙන් ඇය කියා සිටියා. කෙසේ වෙතත්, දැඩි උත්සාහයකින් පසු මේ වන විට තමන් එම මාරාන්තික ඇබ්බැහියෙන් මිදුණු බවත්, එය දිගටම පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇය සතුටින් යුතුව ප්‍රකාශ කර තිබෙනවා. සෙලීනා කලක පටන් ...
Image
එදා 2018 වසරේ නොවැම්බර් මාසයේ දවසක්. මහවැලි ගඟ අද්දර පිහිටි පොළොන්නරුවේ පුංචි ගමකට වෙනදාට වඩා කලින් කළු කරලා, මහ වැස්සක් කඩා හැළුණා. වැස්සත් එක්කම මුළු පළාතම කරුවල වුණේ හිතාගන්න බැරි විදිහටයි. කියවන්න ගමේ ජීවත් වුණු අවුරුදු 62ක් වෙන සිරියාවතී අම්මා තමන්ගේ පුංචි සිල්ලර කඩේ වහන්න ලෑස්ති වුණේ තවත් රෑ වෙනකන් හිටියොත් ගෙදර යන්න බැරි වෙන නිසයි. ඇගේ සැමියා මියගිහින් අවුරුදු ගාණක්. එකම පුතා කොළඹ රස්සාවකට ගිහින්, මාස ගණනකින් ගමට ඇවිත් තිබුණේ නැහැ. සිරියාවතී අම්මා කඩේ ලෑලි වහන්න හදනකොටම, කඩපිල අයිනේ තෙමි තෙමී ඉන්න අමුතුම විදිහේ මනුස්සයෙක් ඇගේ ඇස ගැටුණා. ඔහු ඇඳගෙන හිටියේ සාක්කු ගොඩක් තිබ්බ කලිසමකුයි, තෙමුණු කමිසයකුයි. අතේ තිබුණේ ලොකු, පරණ සංචාරක බෑග් එකක්. මුහුණ පුරා රැවුල වැවිලා, දැඩි වෙහෙසකර බවක් පෙනෙන්න තිබුණා. වැදගත්ම දේ, ඔහු ලංකාවේ කෙනෙක් නෙවෙයි. ඔහු යුරෝපීය ජාතික සංචාරකයෙක් (Foreigner). ඔහුගේ නම ඩේවිඩ්. ඩේවිඩ් ලංකාව බලන්න ඇවිත්, මඟ වැරදිලා, දුරකථනයේ බැටරිත් ඉවර වෙලා, අන්තිම බස් එකත් මඟහැරිලයි මේ අසරණ වෙලා හිටියේ. සිංහල වචනයක්වත් දන්නේ නැති ඩ...

ඔබේ අල්ලේ M අකුර තියනවද ඔබ අතිවිශේෂ කෙනෙක්

Image
  අත්ල මැද 'M' අකුරක් තිබීම ගැන ලෝකය පුරා ඇත්තේ පුදුමාකාර උනන්දුවක්. ඔබේ අත්ල දෙසත් මොහොතක් බලන්න. ප්‍රධාන රේඛා කිහිපයක එකතුවෙන් නිර්මාණය වන මේ 'M' සලකුණ ඔබේ අතෙත් තියෙනවාද? ​බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි, මෙය හුදෙක් රේඛා කිහිපයක එකතුවක්ම පමණක් නොවෙයි. මෙන්න ඒ පිටුපස සැඟවුණු අභිරහස් සහ රසවත් කරුණු කිහිපයක්! 'M' අකුර හැදෙන්නේ කොහොමද? කියවන්න අත්ලේ ඇති ප්‍රධාන රේඛා හතරක් එකිනෙක සම්බන්ධ වීමෙන් මෙම සලකුණ නිර්මාණය වේ ජීවන රේඛාව (Life Line) ශීර්ෂ රේඛාව (Head Line) හෘද රේඛාව (Heart Line) දෛව රේඛාව (Fate Line) මෙම රේඛා හතරම මනාව පැහැදිලිව පිහිටා 'M' අකුරක් මැවෙන්නේ ඉතාමත් කලාතුරකිනි. 'M' අකුරේ සැඟවුණු අභිරහස් 5ක් පාරම්පරික දේහ ලක්ෂණ විද්‍යාවට අනුව, අත්ලේ 'M' අකුරක් ඇති අය විශේෂ පුද්ගලයන් ලෙස සැලකේ. 1. සහජ නායකත්වය මෙවැනි සලකුණක් ඇති අය උපතින්ම නායකත්ව ගුණාංග රැගෙන එන්නන් බව පැවසේ. ඔවුන්ට ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියක් ඇති අතර තීරණ ගැනීමේදී ඉතා දක්ෂයි. ​ 2. සත්‍යය හඳුනාගැනීමේ හැකි...

තරුණිය හඩමින් නිවසට පැමිණ කියූ දෙයින් කාගේත් කකුල් වෙව්ලන්න පටන් ගත්තා

Image
මීට වසර පහකට පමණ සිදුවු මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ඇසුරින් සැකයට භාජනය වූ සිදුවීමක්. ඇය ඉතාමත් සුන්දර වූ, 21 වියේ පසුවූත් හුරුබුහුටි තරුණියක්. කියවන්න පවුලේ සාමාජිකයින් වශයෙන් මව්පියන් දෙදෙනා ඇතුළු සහෝදරයා සමඟ සාමාජිකයින් හතර දෙනෙක්.වැඩිදුර අධ්‍යාපනය නොලැබූ ඇය තම මව්පියන්ගේ ආර්ථික දුෂ්කරතා බැහැර කිරීම සඳහා රැකියාවක් කිරීමට අදහස් කළත්, සුදුසු රැකියාවකට ඇයගේ අධ්‍යාපන මට්‍ටම හරස් වෙනවා. කෙසේ හෝ නිවසට ආසන්නයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක සේවිකාවක හැටියට ඇයට රැකියාවක් ලැබෙනවා. ලද දෙයින් සෑහීමකට පත්ව ඇය නිවසේ සිට දිනපතා රැකියාවට ගියේ කර්මාන්ත ශාලාවෙන්ම සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයකින්.මාසයකට දෙවරක් සේවා මාරු ක්‍රමයට තම රාජකාරිය ඉටු කළ අතර, එම සේවා වාර දෙකට අයත් වූයේ රාත්‍රී දින 15ක් සහ දවල් දින 15ක් සමගින්. සෑම දිනකම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ බස් රථය වේලාවට පැමිණෙන අතර, සේවා වාරය අවසන් වී රාත්‍රී කාලයේදී තම නිවස ළඟින්ම බැසීමට සිරිතක් වුණා. ඇයට පමණක් නොව ඇගේ සමීපතම සේවිකාවන්ටද එම සේවාව ඒ අයුරින්ම සිදු වුණා.පළමු දින 15 උදෑසන සේවය ආරම්භ වී අවසන් වන්නේ...

දවල්ට බත් කාලා ටිකක් ඇලවෙන්න පුරුදු වෙලා ඉන්නවා නම් මේක අනිවාර්යයෙන්ම කියවන්න!

Image
අපි කවුරුත් ආසයිනේ දවල්ට බත් ටිකක් කාලා ටිකක් වෙලා ඇලවෙන්න. හැබැයි මේ දවල් නින්ද හැමෝටම එක වගේ ගුණ දෙන්නේ නැහැ කියන කතාව ඔබ දන්නවාද? වෛද්‍ය එම්. කේ. එන්.ජී. සඳුන්ගම මහතා පෙන්වා දෙන විදියට, ආයුර්වේදයේ එන චරක සංහිතාවට අනුව අපි ගන්න කෑම වගේම අපේ නින්දත් අපේ මහත, කෙට්ටු බව සහ නිරෝගීකම තීරණය කරන ප්‍රධානම සාධකයක් වෙනවා. දවල් නින්ද සමහරුන්ට අමෘතයක් වෙද්දී, තවත් අයට ඒක ලෙඩ ගොඩක් කැඳවන වසක් වෙනවා. කියවන්න ඔබ දවල් නින්දට කැමති කෙනෙක් නම්, ඊට කලින් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන කරුණු ටික තමයි මේ. දවල් නින්ද ගුණදායක වෙන්නේ කාටද? පාඩම් වැඩ කරන අයට, මහන්සි වෙලා බර වැඩ කරන අයට වගේම දුර ගමන් ගොස් වෙහෙස වුණු අයට දවල් නින්ද ගොඩක් ගුණදායකයි. කුඩා දරුවන්ට, වයසක අයට, ශරීරය දුර්වල වුණු අයට වගේම වාහන පදවලා රෑ නිදිමරපු අයටත් දවල්ට නිදාගන්න එක හොඳයි. තරහෙන්, දුකින් හෝ බයෙන් පෙළෙන අයට වගේම මානසික ආබාධ තියෙන අයට දවල් නින්දෙන් ලොකු සහනයක් ලැබෙනවා. අජීර්ණ, ක්ෂය රෝග, හතිය, හික්කාව සහ අතීසාරය වගේ රෝග තියෙන අයටත් මේක සුදුසුයි. nවිශේෂම දේ: දැඩි රස්නයක් තියෙන ග්‍රීෂ්ම කාලයේදී විතර...

රිය අනතුරකින් දෑස් අහිමිවුණු පුතාට අම්මා කරලා තිබුණු දේ මියගිය අම්මා ලියපු අවසන් ලිපිය කියවපු පුතාගේ දෙලොව රත්වෙයි

Image
රියඅනතුරකින් දෑස් අහිමිවුණු පුතාට අම්මා කරලා තිබුණු දේ.අම්මා ලියු අවසන් ලියුම කියවපු පුතාගේ දෙලොව රත්වෙයි කියවන්න කොළඹ ජාතික රෝහලේ අක්ෂි වාට්ටුවේ අදුරු කොරිඩෝවේ සිටි, අම්මා කෙනෙකු වන කාන්ති මහත්මිය බංකුවක් උඩ වාඩි වී සිටියාය. ඇගේ දෑස්වලින් එක දිගට කඳුළු ගලා ගියේය. ඇගේ එකම පුතා වූ නිපුන්, දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. නමුත් මීට මාසයකට පෙර සිදු වූ දරුණු රිය අනතුරකින් නිපුන්ගේ දෑස් දෙකම අන්ධ විය. ලෝකයේ වර්ණ රටා මවන චිත්‍ර ශිල්පියෙකුට, මුළු ලෝකයම අඳුරු වීම තරම් වෙනත් අවාසනාවන්ත දෙයක් තවත් තිබේද? "අම්මේ... මට තවත් ජීවත් වෙන්න ඕනේ නෑ. මට මේ අන්ධ ලෝකය එපා වෙලා... මට මගේ පින්සල අල්ලන්න බැරි නම්, මම ජීවත් වෙලා ඇති ඵලය කුමක්ද?" නිපුන් දිනපතාම කාමරයට වී හඬන්නට විය. පුතාගේ මේ වේදනාව අම්මා කෙනෙකුට දරාගත හැක්කේ කෙසේද? දිනක් කාන්ති මහත්මිය ප්‍රධාන අක්ෂි වෛද්‍යවරයා වූ දොස්තර විජේසේකර හමුවීමට ඇගේ කාමරයට ගියාය. "දොස්තර මහත්තයෝ... මගේ පුතාට ඇස් දායකයෙක් ලැබුණා නේද? කවුද ඒ උතුම් මනුස්සයා?" වෛද්‍යවරයා මොහොතක් නිහඬව සිටියේය. ඔහු ලොකු සුසු...

බස් එකේදී ඉතුරු රුපියල ඉල්ලු ආච්චි අම්මා කෙනෙක්ට මිනිසුන්ගේ ඇස් උඩයන්න බස් එකේ හිටපු හමුදා සෙබලා කරපු දේ

Image
අද අපි ඔයාලට කියන්න යන්නේ හරිම සංවේදී කතාවක්. මේ සිදුවීම සිද්ධ වෙන්නේ තංගල්ල, තිකුණාමලය අතර ගමන් කරන බස් රථයක. මේ බස් රථයට අතර මගදී ගොඩ වෙනවා වයසක අත්තම්මා කෙනෙක්. කියවන්න එයා මේ බස් රථයට ගොඩ වෙන්නේ බොහොම අමාරුවෙන්. මොකද වයස නිසා. බස් එකට ගොඩ වෙන්නත් මේ අත්තම්මට හරි අමාරුයි. ඉක්මන්ට නගිනවා මනුස්සයෝ කියලා කෑ ගහන කොන්දොස්තර මහත්තයාගේ ගෝරනාඩුවත් එක්කම මේ වයසක අත්තම්මා මේ බස් එකට නගිනවා. ඒ අත්තම්මට සීට් එකක් දෙන්නවත් කවුරුත් ඒ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඇය හිටගෙනම මේ බස් රථයේ ගමන් කරනවා. ඉතින් මේ විදියට බස් එක ගමන් කරනකොට තමන් ළඟට ආපු කොන්දොස්තර මහත්තයාට ඇය රුපියල් 10ක් දීලා ටිකට් එකක් ඉල්ලනවා. ඒ සල්ලි ගත්තු කොන්දොස්තර ටිකට් එකත් ඒ අත්තම්මට දෙනවා. ඒ වුනත් ඇය ආයෙත් තමන්ගේ හඬ අවදි කරනවා. පුතේ, මට තව රුපියලක් එන්න තියෙනවා නේද? ඇය එහෙම කිව්වහම එහෙනම් මට රුපියල් 9ක් දෙන්න කියලා කොන්දොස්තර ටිකක් සැරට කියනවා. ඉතින් මේ විදියට කතාව යනකොට මගේ ළඟත් මාරු නැහැ. මට ඉතුරු රුපිල කොහොම හරි ඕනේ කියලා මේ අත්තම්මා ටිකක් තදින් කොන්දොස්තරට කියනවා. ඉතින් මේ සි...

රෑට ෆෑන් එක දාලා නිදාගත්තම සිරුර ඇතුළේ වෙන දේ දන්නවාද?ලෙඩ නොවී නිදාගන්න අදම මේ පුංචි වෙනස කරන්න!

Image
ඔබත් රෑට නිදාගන්න යද්දී ෆෑන් එක නැතුවම බැරි කෙනෙක්ද? මේ දවස්වල තියෙන රස්නය නිසා වගේම හුළං වදින්න ඕනේ නිසා ෆෑන් එක මුහුණටම හැරවෙන්න දාගෙන නිදාගන්න එක අපේ සමහර අයට පුරුද්දක් වෙලා තියෙනවා. හැබැයි හැම රාත්‍රියකම මෙහෙම ෆෑන් එක ළඟින්ම තියාගෙන නිදා ගැනීම නිසා ඔබට ඔබ නොහිතන විදියෙ සෞඛ්‍ය ගැටළු රැසක් ඇතිවෙන්න පුළුවන්. කියවන්න ශරීරයේ තෙතමනය අඩුවීම. පැය හයක්, අටක් පුරා එක දිගට හමන සුළඟ නිසා ඔබේ සමේ සහ නාසයේ තෙතමනය වාෂ්ප වෙනවා. මේ නිසා උදෑසන අවදි වන විට නාසය ඇතුළත වියළීයාම, උගුර රිදීම සහ සම පැලීම වැනි දේ සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි නාසයේ ශ්ලේෂ්මල පටල වියළී ගිය විට අපේ ශරීරය එය මගහරවා ගැනීමට ස්වයංක්‍රීයවම වැඩිපුර සොටු දියර නිපදවන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලය විදිහට උදෑසන නාසය හිරවීම හෝ නාසයෙන් සොටු දියර ගැලීම සිදුවෙනවා. ආසාත්මිකතා ෆෑන් එකක් කැරකෙන විට ඇතිවන ස්ථිති විද්‍යුතය නිසා පෙතිවල දූවිලි සහ කෘමීන්ගේ කොටස් තැන්පත් වෙනවා. ඉතින් ෆෑන් එක ක්‍රියාත්මක වන විට මේ දූවිලි, පරාග සහ ක්ෂුද්‍ර ජීවීන් සුළඟ සමඟ මුළු කාමරය පුරාම පැතිරෙනවා. ඔබ නිදා සිටින විට මේවා ශ්වසන මාර්ගය...

පිස්සු හැදුන බිරිදව අංගොඩ රෝහලට සැමියා ගිහින් දානවා රෝහලේ දොස්තරට කාන්තාව කිව්ව දේ නිසා රෝහලම අඩනවා!

Image
මේ සිදුවීමට මුහුණ දුන්න තරුණිය ගැන කියනවා නම් ඇය වයස අවුරුදු 24 ක සුරූපී තරුණියක්. මේ කතාව අපිට කිව්වේ අංගොඩ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්. පසුගිය දවසක රාත්‍රී අටට විතර අංගොඩ රෝහලට කාර් එකක් ආවා. ඒකෙන් බැස්සේ අවුරුදු 25 ක විතර තරුණයෙක්. බැහැලා පිටිපස්සේ දොර ඇරියා. කියවන්න ඊට පස්සේ කොණ්ඩේ කඩා ගත්ත, සිහි විකලෙන් වගේ හැසිරෙන තරුණියක් කාර් එකෙන් බස්සගෙන රෝහල තුළට ඇරන් ආවා. තරුණියත් අරගෙන රෝහලට ආපු මේ තරුණයා ඔෆිස් එකට ගිහින් රෝගියෙක් ඇතුලත් කරන්න ඕනේ කියලා ඔෆිස් එකේ වැඩ කරන කාන්තාවකට කිව්වා. ඒ අනුව ඒ කාන්තාව සියලුම විස්තර අරන් රෝගියාවත් පරීක්ෂා කරලා ඇයව රෝහලට ඇතුලත් කර ගත්තා. ඇයව රෝහලට ඇතුලත් කරලා ඔහු ආයෙම කාර් එකට නැගලා යන්න ගියා. මම මේ සිදුවීම විවේකාගාර දොරකොඩ ළඟ ඉඳන් බලාගෙන හිටියේ. මට තේරුණා මෙතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. මම ඔෆිස් එකට ගිහින් අර තරුණයා මොකක්ද කීවේ කියලා ඔෆිස් එකේ කාන්තාවගෙන් ඇහුවා. ඇය කිව්වා මේ තරුණිය ඔහුගේ පෙම්වතිය බවත්, දැන් මාස කිහිපයක ඉඳන් මේ කෙල්ල මේ විදිහට හැසිරෙන බවත්, ඇයව මෙහි රැකවරණය කරගන්න ලෙස ඔහු බැගෑපත් වූ බවත් පැවසූවා....