ඔබත් රෑට නිදාගන්න යද්දී ෆෑන් එක නැතුවම බැරි කෙනෙක්ද? මේ දවස්වල තියෙන රස්නය නිසා වගේම හුළං වදින්න ඕනේ නිසා ෆෑන් එක මුහුණටම හැරවෙන්න දාගෙන නිදාගන්න එක අපේ සමහර අයට පුරුද්දක් වෙලා තියෙනවා. හැබැයි හැම රාත්‍රියකම මෙහෙම ෆෑන් එක ළඟින්ම තියාගෙන නිදා ගැනීම නිසා ඔබට ඔබ නොහිතන විදියෙ සෞඛ්‍ය ගැටළු රැසක් ඇතිවෙන්න පුළුවන්.
ශරීරයේ තෙතමනය අඩුවීම.
පැය හයක්, අටක් පුරා එක දිගට හමන සුළඟ නිසා ඔබේ සමේ සහ නාසයේ තෙතමනය වාෂ්ප වෙනවා. මේ නිසා උදෑසන අවදි වන විට නාසය ඇතුළත වියළීයාම, උගුර රිදීම සහ සම පැලීම වැනි දේ සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි නාසයේ ශ්ලේෂ්මල පටල වියළී ගිය විට අපේ ශරීරය එය මගහරවා ගැනීමට ස්වයංක්‍රීයවම වැඩිපුර සොටු දියර නිපදවන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලය විදිහට උදෑසන නාසය හිරවීම හෝ නාසයෙන් සොටු දියර ගැලීම සිදුවෙනවා.
ආසාත්මිකතා
ෆෑන් එකක් කැරකෙන විට ඇතිවන ස්ථිති විද්‍යුතය නිසා පෙතිවල දූවිලි සහ කෘමීන්ගේ කොටස් තැන්පත් වෙනවා. ඉතින් ෆෑන් එක ක්‍රියාත්මක වන විට මේ දූවිලි, පරාග සහ ක්ෂුද්‍ර ජීවීන් සුළඟ සමඟ මුළු කාමරය පුරාම පැතිරෙනවා. ඔබ නිදා සිටින විට මේවා ශ්වසන මාර්ගය හරහා ශරීරයට ඇතුල් වෙනවා. විශේෂයෙන්ම ඇදුම, පීනස හෝ වෙනත් ආසාත්මිකතා තියෙන කෙනෙක්ට උදෑසන හිසරදය සහ කිවිසුම් යාම වැඩිවෙන්න මේක ප්‍රධාන හේතුවක්.
ඒ වගේමයි රාත්‍රියට දිගින් දිගටම ඇඟට එකේ එල්ලී සිසිල් සුළඟ වදින විට ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය වේගයෙන් පහළ යනවා. මේ අධික සීතලෙන් ශරීරය ආරක්ෂා කරගැනීමට ඔබේ ශරීරය විසින් බෙල්ල, පිට සහ කොන්ද ප්‍රදේශයේ මාංශපේශී එකවරම තද කරනවා. උදෑසන නැගිටින විට බෙල්ල හරවන්න බැරි තරමට කැක්කුමක්, කොන්දේ අමාරුවක් එන්නේ මෙන්න මේ නිසා.
ඒ කියන්නේ අපිට ෆෑන් එක දාගෙන නිදාගන්නම බැරිද? බැරි නැහැ. අපි අද මේ කියන සෞඛ්යාරක්ෂිත විසඳුම් මගින් ඔබට කලින් කීව ගැටළු වළක්වා ගන්න පුළුවන්.
ෆෑන් එකේ ඉදිරිපිටින් පළල් වතුර බඳුනක් තැබීම
එවිට හමන හුළඟ මගින් වතුර වාෂ්ප වෙලා කාමරයේ තෙතමනය රැකදෙනවා. ඒ මගින් නාසය සහ උගුර වියළීයාම නතර වෙනවා. වතුරට අයිස් කැට කිහිපයක් දැම්මොත් AC එකක් වගේ සිසිල් සුළඟකුත් ලබාගන්න පුළුවන්.
ෆෑන් එක බිත්තියක් දෙසට හෝ වෙනත් පැත්තකට හරවන්න
එමගින් කාමරයේ හුළං සංසරණය වෙන අතර නාසය සහ උගුර වියළීයාම මෙන්ම මාංශපේශී තදවීම සම්පූර්ණයෙන්ම වළකිනවා. ඒ වගේම ෆෑන් එක එක තැනකට නොතබා කැරකෙන්න හැරීමෙන් කාමරයේ උෂ්ණත්වය සමබර වෙනවා. .සිරුරට එක දිගට සීතල නොවැදෙන නිසා උදෑසන නාසය හිරවීම සිදුවෙන්නෙත් නැහැ. සතිපතා ෆෑන් පෙතිවල බැඳෙන දූවිලි පිසදැමීමෙන් ඔබ නිදා සිටින විට කාසාත්මිකතා ඇති කරන විෂබීජ සහ දූවිලි වෙනහැල්ලට ගමන් කිරීම නතර වෙනවා.
අපේ ශරීරය තද නින්දට වැටෙන විට ශරීර උෂ්ණත්වය ස්වභාවිකවම පහළ යනවා. එම නිසා නින්දට ගොස් පැය කීපයකින් ෆෑන් එක ස්වයංක්‍රීයව ඕෆ් වෙන විදිහට සකස් කිරීමෙන් පාන්දරට අධික ලෙස සීතල වීම සහ නින්දෙන් නැහැරීම වළක්වා ගන්නත් පුළුවන්. ඉතින් ඔබේ සහ ඔබේ පවුලේ නිරෝගී සුවය උදෙසා අද රෑ සිටම මේ පුංචි වෙනස්කම් සිදු කරගන්න.
Comments
Post a Comment